ශ්‍රී ලංකාව තුළ රූකඩ කලාව පිළිබඳව කරුණු විමසීමේදී රූකඩ වර්ග ගණනාවක්ම තිබුණද ප්‍රධාන රූකඩ කලා මාධ්‍යය ලෙස අවධානය යොමු වනුයේ නූල් රූකඩ කලාවටයි. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ වර්තමානය වන විට පෝෂණය වී ඇත්තා වූ රූකඩ කලාව තුළ නූල් රූකඩ (String Puppets) කලාවට හිමි වන්නේ අග්‍රස්ථානයයි.
එවන් වූ හිමිකම් ලද නූල් රූකඩ කලාවේ පාරාදීසය, ජන්ම භූමිය අම්බලන්ගොඩ, බලපිටිය පුරවරය වේ. පාරම්පරික නූල් රූකඩ කලාව ස්වර්ණමය යුගයක් පසුකර මේ වන විට ශ්‍රී ලංකාව තුළ හෙළ සංස්කෘතික නාට්‍යය ශෛලියක් ලෙස විසිරී පැතිරී ඇත.


එබැවින් මේ පිළිබඳ දැනුම් පිපාසයෙන් පසුවන ලාංකීය හා ලෝක ප්‍රජාව වෙත ශ්‍රී ලංකවේ රූකඩ කලාව පිළිබඳ තොරුතුරු ලබා ගැනීමට මෙය ඉවහල් වනු ඇත.
විශේෂයෙන්ම මෙහිදී රූකඩ කලාව පිළිබඳවත්, අම්බලන්ගොඩ රූකඩ කලාවේ ඉතිහාසය, පාරම්පරාව පිළිබඳවත් සේම රූකඩ වර්ගීකරණයන්, රූකඩ නිර්මාණ ශිල්පය එහිදී භාවිතා කරන දේ, වේදිකාව, ආලෝකරණය, වේශ නිරූපණය
මෙන්ම සංදර්ශනාත්මක රූකඩ කාලවේ අතීත හා වර්තමාන තත්වය ඊට හේතු වූ කරුණු මෙන්ම මෙම කලාවේ උන්නනතිය සඳහා ගතයුතු පියවරයන් සම්බන්ධයෙන්ද තොරුතුරු ඇතුලත් වේ.
නවතම ප්‍රවෘත්ති
ශ්‍රී ලංකාවේ ප්‍රථම සාම්ප්‍රදායික රූකඩ කෞතුකාගාරය ගාල්ල බලපිටිය සර්වෝදය මධ්‍යස්ථානයේදී පසුගිය මාර්තු 21වන දින විවෘත කරන ලදී. ලංකාවේ නූල් රූකඩ කලාව සම්බන්ධයෙන් ගවේශනය කරන අයට මෙම කෞතුකාගාරය සතියේ දිනවල පෙ.ව. 09.00 සිට ප.ව. 6.00 දක්වා විවෘතව ඇත.
මිනිස්සු අපි ගැන කියපු දේ


It’s good to be known of a place that preserves an Art which has a huge history in our country. It was a pleasure to go visit the museum and to experience the true essence of puppetry. The illustrations and details were spoken and shown very clearly. There’s a gift shop as well where you can get miniature puppets for yourself. It was really a beautiful experience. I highly recommend this museum as one of the best museum’s in Sri Lanka that needs to be visited at least once. Explore the culture. Cheers