වැඩසටහන්

දැනට ශ්‍රී ලංකාවේ ශේෂව පවත්වා නූල් රූකඩ කලාව නැවත ජනතාව අතරට ගෙනයමින් එහි පවතින කලාත්මක අගය හා සංස්කෘතිකමය වටිනාකම එලෙසින්ම මතු පරපුරට රැකදීම ඔබ අප සතු වගකීමක් හා යුතු කමකි. ශ්‍රී ලාංකික අනන්‍යතාවය ලොවට කියා පෑමට හා අපේකම යැයි හඬනගා පැවසීමට හැකි මෙම කලාව රැක ගැනීම සඳහා සියළු පාර්ශවයන් එක්ව ගත හැකි ක්‍රියාමාර්ගයන් බොහෝමයකි. මෙය නැවත නඟා සිටුවීමට ගත හැකි ක්‍රියාමාර්ගයන් අතුරින් කිහිපයක් මෙලෙස දැක්විය හැක.

මෙවැනි වූ හරවත් වැඩසටහන් තවත් බොහෝමයක් පවතී. එවැනි අංශ කෙරෙහි අවධානය යොමු කරමින් කලාව රැක ගැනිමටත් එමගින් සමාජයට යහපත් ප්‍රථිඵලයක් ලබා දීමටත් සියළු අංශ එක්ව කටයුතු කල යුතු වේ.

සේවාවන්

මෙවන් වු ගැමි කලා මාධ්‍යක් එදා සිට මේ දක්වා ලාංකීය ජනතාවගේ කලාකාමී මනදොල සපුරවමින් පැමිණි ගමන් මගේ ජනතාවගේ කාංසිය, පාළුව, දුක් වේදනාවන් මඳකට දුරස් කරමින් මුවඟට සිනාවක් එක් කරමින් විනෝස්වාදය මොනවට සපයා ඇති බව පිළිගත යුතු කරුණකි. එහෙත් ඉන් ඔබ්බට ගිය සමාජමය වටිනාකම් රාශියක් මේ තුළ පවතින බව සැලකිය යුතු වේ. මෙවැනි කලාවක් තුළින් සමාජයකට සිදු කල හැකි සිදු කෙරෙන සේවාවන් බොහෝමයක් පවතින අතර ඉන් කිහිපයක් මෙලෙස දැක්විය හැක.

මෙවන් වු සේවාවන් බොහොමයක් රූකඩ කලාව හරහා සමාජයට සිදු කල හැකි අතර දැනටත් යම්තාක් දුරකට සිදු වෙමින් පවතී. අපගේ දෑසට පෙනෙන නාට්‍ය රඟ දැක්වීමකට එහා ගිය සමාජමය සේවාවන් රාශියක් මෙම නූල් රූකඩ කලාව ඔස්සේ සිදු කිරීමට කටයුතු කිරීම කාලෝචිත වූවකි.